පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා ගෙනඒමට නියමිත නව මැතිවරණ ක්රමය ප්රායෝගික එකක් නොවන බවත් එම මැතිවරණ ක්රමය මගින් මන්ත්රීවරු 10,000ක් දක්වා වැඩි වන බවත් ශ්රී ලංකා මුස්ලිම් කොන්ග්රස් නායක රවුෆ් හකීම් මහතා පවසයි.
වත්මන් පළාත් පාලන මන්ත්රීවරුන් 30,00ක් සහිත ක්රමයද අසීරුවෙන් නඩත්තු කරන අවස්ථාවක මන්ත්රීවරු 10,000ක් නඩත්තු කිරීමට පවා මෙරට ආර්ථිකයට නොහැකි බවත් එය කිසිසේත්ම මෙරටට නොගැලපෙන බවත් දැන් සිදුකරමින් පවතින්නේ අඳුරේ අතපතගෑමක් බවත් ඒ මහතා අවධාරණය කරයි.
මැතිවරණය කල් දැමීමද සුදුසු කාරණයක් නොවන බැවින් මෙවර මැතිවරණ සඳහා පමණක් පැරණි මැතිවරණ ක්රමයට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
Views: 0










