චීනය – බ්‍රිතාන්‍ය ඓතිහාසික ගමනක් අරඹයි!

චීනය – බ්‍රිතාන්‍ය ඓතිහාසික ගමනක් අරඹයි!

චීනය හා බ්‍රිතාන්‍යය යා කරමින් ඉදිකරනු ලැබූ කිලෝමීටර් 7500ක දුරකින් යුතු දුම්රිය මාර්ගය විවෘත කරමින් ඊයේ (10) බ්‍රිතාන්‍යයේ සිට චීනය දක්වා දුම්රිය ගමන් වාරයක් ආරම්භ කර තිබේ.

භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් වන එය බහාලුම් මැදිරි 30කින් සමන්විත වන අතර මෙම දීර්ඝ දුම්රිය ගමන ප්‍රංශය, බෙල්ජියම, ජර්මනිය, පෝලන්තය, බෙලෝරුසියාව, රුසියාව හා කසකස්තානය පසුකරමින් නැගෙනහිර චීනය දක්වා ගමන් කරන අතර එය නිමා කිරීමට දින 17ක් ගත වන බව පැවසේ.

මුහුදු මාර්ගය ඔස්සේ චීනය හා බ්‍රිතාන්‍ය අතර භාණ්ඩ ප්‍රවාහනයට දීර්ඝ කාලයක් ගතවන බැවින් මෙම ගොඩබිම් මාර්ගය දැවැන්ත පිරිවැයක් දරමින් ඉදිකරනු ලැබූ අතර මීට වසර දෙදහසකට කලින් පෙරදිග හා අපරදිග යා කරමින් ක්‍රියාත්මක වූ  ගොඩබිම් සේද මාවත යළි ක්‍රියාත්මක වීමක් ලෙස සැළකේ.

මෙම දුම්රිය මාර්ගය විවෘත කරමින් චීනයේ කාර්මික නිෂ්පාදන රැගෙන බ්‍රිතාන්‍යයට බහාලුම් දුම්රියක් ගමන් ආරම්භ කරනු ලැබූවේ පසුගිය ජනවාරියේදීය. මෙම ගොඩබිම් වෙළඳ මාර්ගය විවෘත කිරීම චීනය ලැබූ දැවැන්ත ජයග්‍රහණයක් බව පැවසේ.

Related image

Image result for 'Silk Road' train from China reaches London

Facebook
Twitter
LinkedIn