බදුල්ල දිසත්‍රික් ජාතික විද්වත් සංවිධානය ගොඩනැගේ

බදුල්ල දිසත්‍රික් ජාතික විද්වත් සංවිධානය ගොඩනැගේ

බදුල්ල දිස්ත්‍රික් ජාතික විද්වත් සංවිධානය ගොඩනැගීම ජවිපෙ ප්‍රධාන ලේකමි ටිල්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) බදුල්ල රිවසයිඩ් හෝටලයේදී සිදුකර තිබේ.

ජාතික විද්වත් සංවිධානයේ බදුල්ල දිස්ත්‍රික් සභාපතිවරයා ලෙස සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජයලත් අත්තනායක මහතාත් ලේකම්වරයා ලෙස ප්‍රින්සිපියා අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂක ඉංජිනේරු රවින්ද්‍ර බණ්ඩාර මහතාත් භාණ්ඩාගාරික ලෙස මහියංගණ මූලික රෝහලේ සංවර්ධන නිළධාරි කීර්ති ශ්‍රී බණ්ඩාර මහතාත් සම සභාපති වරුන් ලෙස බදුල්ල මහ රෝහලේ මනෝ වෛද්‍ය උපදේශක නිලන්ත රත්නායක මහතාත් වැලිමඩ මුලික රෝහලේ වෛද්‍ය එල්.පී. ජයලාල් මහතාත් සම උපලේකම්වරු ලෙස ඌව හා නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ දුම්පරික්ෂක අමිල දිසානායක මහතාත් ඌව පළාත් සැලසුම් දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිළධාරි එච්.එම්. විජේසිංහ මහතාත් පත්වී ඇත.

පිළිගැනීමේ කතාව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ප්‍රියන්ත වර්ෂමාන මහතා සිදුකළ අතර ආරාධිාත දේශනය ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් සිදුකර තිබේ.

මේ සදහා ගෞරවණීය මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක්ද සහභාගිවී ඇත.

Image may contain: 7 people, people standing, food and indoorImage may contain: 6 people, people sitting, people standing and foodImage may contain: 5 people, people standing and people sittingImage may contain: 5 people, people sittingImage may contain: 10 people, people sittingImage may contain: one or more peopleImage may contain: 2 people, people standing, food and indoorImage may contain: 1 personImage may contain: 1 person, sitting and indoorImage may contain: 1 personImage may contain: 6 people, people sittingImage may contain: one or more people, wedding and indoorImage may contain: 1 person, indoorImage may contain: 7 people, outdoorImage may contain: 6 peopleImage may contain: 8 people, outdoorImage may contain: 6 people, people standingImage may contain: 10 peopleImage may contain: 13 people, people sitting and indoor

Facebook
Twitter
LinkedIn