පසුගිය රජය සමයේ ඇමෙරිකාව සමඟ රහසිගතව අත්සන් තබන ලද ආරක්‍ෂක ගිවිසුම මෙම වසරේ අවසන් වීමට නොදී දීර්ඝකර ගැනීම සඳහා දෙරටේ රාජ්‍ය තාන්ත්‍රිකයන් අතර පසුගිය 29 වැනිදා හෙළි නොකළ ස්ථානයක දී සාකච්ඡා වටයක් පවත්වා ඇති බව අනාවරණය වී තිබේ.
ප‍්‍රධාන කරුණු තුනක් පිළිබඳව එහි දී සාකච්ඡා කර ඇති බව, අනාවරණය වී තිබෙන තොරතුරුවලින් කියැවේ.
ඇමෙරිකාව සහ ඉන්දියාව යන දෙරට සමඟ ලංකාව සමාන්තර අවබෝධයකින් කටයුතු කිරීම, ආරක්‍ෂක ක්‍රියාකාරකම් සමාලෝචනය කිරීම සහ ඇමෙරිකානු මැරීන් භටයන් සඳහා මේ රටේ පෞරාණික ස්ථාන දැකබලාගෙන පැරණි සංස්කෘතික කටයුතු අධ්‍යයනය කිරීමට ඉඩ සැලැසීම එම කරුණු වන බවද අනාවරණය වී ඇත.
පසුගිය මාස 10ක් තුළ ඇමෙරිකාව ලංකාව ආශ්‍රිත ආරක්‍ෂක අභ්‍යාස තුනක් සිදු කර තිබෙන බව මේ අතර හෙළි වී තිබේ.
ආර්ථික, දේශපාලනික සහ යුදමය ක්ෂේත‍්‍රවලදී ඉන්දියාව සහ ඇමෙරිකාව සමඟ සමාන්තර තත්ත්වයෙන් ඉදිරි ක්‍රියාකාරකම්වල යෙදීම පිළිබඳවද අදහස් හුවමාරු කරගෙන ඇත.
මේ අතර දැනටමත් ඇමෙරිකානු මැරීන් සෙබළුන් හට මෙරට පැරැණි සංස්කෘතික කටයුතු අධ්‍යයනය කිරීමට දී තිබෙන අවස්ථාව පුළුල් කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු කරන ලද බවද අනාවරණය වේ.










