සිරියාවේ ගුවන් කඳවුරක් ඉලක්ක කර ගනිමින් ඇමෙරිකානු හමුදා එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඩැමස්කස් නුවර සිරියානු වැසියන් විරෝධය පළ කර ඇති අතර එම ප්‍රහාරය යුද අපරාධයක් ලෙස සලකන බවට සිරියානු වැසියන් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරයෙන් පසුව සිරියානු වැසියන් වීදිවලට බසිමින් විරෝධතාවය පළකර ඇති අතර සමස්ථ සිරියානුවන්ටම එරෙහිව එල්ල කළ බලහත්කාරයක් සේ සළකන බවය. මේ පිළිබඳව අදහස් දක්වමින් ආසාද් පාලනයේ නියෝජිතයෙක් පවසා ඇත්තේ සතුරා අපව ඉලක්ක කර සිටින බැවින් සිරියානුවන් සේ නොබියව ඊට මුහුණ දෙන බවත්ය. සටන් ජය ගනිමින් ඉදිරියට යමින් සිටින සෑම මොහොතක මෙවැනි බාධක පැමිණවීම සිදු කරන අතර මානව හිමිකම් ගැන දොඩවමින් ඇමෙරිකාව සිදු කරන මෙවැනි යුද අපරාධ තරයේ හෙළා දකින බවයි.
ඇමෙරිකාව සිරියාවේ ගුවන් හමුදා කඳවුරට එල්ල කළ කෘෘස් මිසයිල ප්‍රහාරයන් සම්බන්ධයෙන් රුසියාව බලවත් විරෝධතාවය පළකර තිබේ.










