විශිෂ්ඨ චිත්‍රපට නිර්මාණකරනයේ සුවිශේෂී සිනමාකරුවෙකු වන වසන්ත ඔබේසේකර මහතා අද (08) අළුයම අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට 80 වැනි වියේ පසු වූ ඒ මහතා වෙස් ගත්තෝ, වල්මත්වුවෝ, දියමන්ති, සළෙළු වරම, පලගැටියෝ, දඩයම, සත් සමුදුර, කැඩපතක ඡායා වැනි චිත්‍රපට රැසක් නිෂ්පාදනය කර ඇත.
“වෙස් ගත්තෝ” නම් චිත්‍රපටය 1971දී නිෂ්පානදකර ඇති අතර එය ඔබේසේකර මහතාගේ පළමු චිත්‍රපට යයි.
1958දී විශ්වවිද්‍යාලයට ඇතුළු වී 1962දී විශ්වවිද්‍යාල අධ්‍යාපන අවසන්කරණ ඒ මහතා ඉතිහාසය විෂයට ගෞරව උපාධියක්ද ලබාගෙන තිබේ.
1971දී අරගලය පිළිබඳ ඔහු විසින් පුවත්පත් කලාවේදියෙකු ලෙස ගවේෂණයක යෙදී ඇති අතර චිත්‍රපට නිෂ්පාදනයට පිවිසි ඇත්තේ ඉන්පසුවය.
5










