ඇමෙරිකාව සිරියානු ගුවන් හමුදා කඳවුරකට පහර දෙයි

ඇමෙරිකාව සිරියානු ගුවන් හමුදා කඳවුරකට පහර දෙයි

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ සෘජු නියෝග යටතේ ඇමෙරිකානු යුද නෞකාවල සිට සිරියානු රජයේ හමුදාවට අයත් ගුවන් හමුදා කඳවුරක් වෙත ටොම්හෝක් වර්ගයේ කෘෘස් මිසයිල 50-60ක් පමණ එල්ල කර ඇති බව වාර්තා වේ.

සිරියානු රජයේ හමුදා රසායනික අවි ප්‍රහාරයක් එල්ල කළ බවත් එම ගුවන් යානා ගුවන් ගතකළ කඳවුර ඉලක්ක කර ගනිමින්  ඊට ප්‍රතිචාර ලෙස මෙම ගුවන් ප්‍රහාර එල්ල කළ බවත් ඇමෙරිකාව ප්‍රකාශ කර තිබේ.

ප්‍රහාරයේ ඉලක්ක  බවට පත්ව ඇත්තේ ගුවන් පථය හා ගුවන් යානා බවත් සිරියානු ගුවන් හමුදා කඳවුරට සිදු වූ හානිය පිළිබඳ මෙතෙක් තොරතුරු හෙළිදරව් වී නොමැති බවත් වාර්තා වේ.

වසර ගණනාවක් පුරා ක්‍රියාත්මක සිරියානු යුද්ධය තීරණාත්මක කඩඉමක් වෙත ළඟා වෙමින් ඇති  අතර අයි.එස්. ත්‍රස්තවාදීන් සතුව පැවැති සිරියානු නගර රැසක් මේ වනවිට සිරියානු හමුදා මුදාගනිමින් අයි.එස්. ත්‍රස්තවාදීන්ට සිරියානු හමුදා දැවැන්ත ප්‍රහාරයන් එල්ල කරමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල කිරීම ප්‍රබල සැකයට තුඩු දේ. වසර ගණනාවක් දිග්ගැස්සී තිබෙන සිරියානු යුද්ධයේදී ඇමෙරිකානු හමුදාව අසාද් පාලනය ඉලක්ක කරගනිමින් එල්ල කරනු ලැබූ පළමු සෘජු ප්‍රහාරය මෙය බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn