මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීමට බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගෙන ඇති විරෝධතා ක්‍රියාමාර්ගයට තමන් සම්පූර්ණ සහාය පල කරන බවත් එයට සමගාමීව ජාතික වෘත්තීය සමිති මධ්යස්තානයද විරෝධතා රැසක් සංවිධානය කර ඇති බවත් එහි සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
සයිටම් විරෝධී අරගලය කලක් ශිෂ්‍යයන් තනියම සිදුකරගෙන ආ බවත් තවත් කලෙක වෛද්‍යවරුන් සයිටම් විරෝධී අරගලය දියත් කළ බවත් මේ වනවිට වෘත්තීය සමිති, දේශපාලන පක්ෂද ඊට දැවැන්ත මැදිහත්වීමක සිදු කරමින් තිබෙන බවත් ලාල්කාන්ත මහතා අවධාරණය කරයි.
වෛද්‍යවරු පසුගිය දිනවල පළාත් මට්ටමින් වැඩවර්ජන සහ විරෝධතා රැලි සංවිධානය කළ බවත් ලබන 07වනදා පැය 24ක දැවැන්ත වැඩවර්ජනයක් සංවිධානය කර ඇති බවත් ආණ්ඩුව එම විරෝධතාවලට ඇහුම්කන් නොදෙන්නේනම් මුළු රටේම වෘත්තීය සමිතිත් ජනතාවත් ඒකාබද්ධ කරගනිමින් දැවැන්ත සමස්ත මහා වැඩවර්ජනයක් කැඳවන බවත් ලාල්කාන්ත මහතා වැඩිදුරටත් පැවසීය.










