සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් වැඩවර්ජනයට එක් වෙයි

සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් වැඩවර්ජනයට එක් වෙයි

මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය අහෝ අහෝසි කරන ලෙසට ආණ්ඩුවට බලකරමින් 2017.04.07 දින උදෑසන 8.00 සිට පැය විසිහතරක කාලයක් වැඩ වර්ජනයක නිරතවන බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

හදිසි ප‍්‍රතිකාර, පිළිකා රෝහල්, මාතෘ හා ළමා රෝහල්වල ප‍්‍රතිකාර කටයුතු සිදු කරන බව දැනුම් දෙන එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික‍්‍රම මහතා වෙත මේ බව ලිඛිතව දන්වා ඇති අතර මෙම වෛද්‍ය වැඩ වර්ජනය නිසා රෝගීන් අපහසුතාවයට පත්වීමේ වගකීම සම්පූර්ණයෙන් ආණ්ඩුව බාර ගත යුතු බවද සඳහන් කර තිබේ.

සයිටම් ආයතනය ආහෝසි කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී අඛණ්ඩ වැඩ වර්ජන ක‍්‍රියාමාර්ගයකට යාමට කටයුතු කරන බවද වෛද්‍ය ජයන්ත බණ්ඩාර දන්වා සිටියි.

Facebook
Twitter
LinkedIn