රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ උමං දුම්රියක් ඉලක්ක කරගනිමින් එල්ල වූ බෝම්බ ප්රහාරයෙන් අනතුරුව රුසියානු ජනාධිපති පූටින් අමතා ශෝකය ප්රකාශ කරමින් දෙරටේම සහයෝගයෙන් ත්රස්තවාදය මුලිනුපුටා දැමිය යුතු බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කර ඇති බව වාර්තා වේ.
මෙම බෝම්බ ප්රහාරයෙන් පුද්ගලයින් දස දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව පැවසෙන අතර රුසියානු ආරක්ෂක අංශ ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් මේ වනවිට ආරම්භ කර ඇති බව වාර්තා වේ.
බෝම්බ ප්රහාරය එල්ල වීමෙන් පසුව ඒ පිළිබඳව පූටින් ජනාධිපතිවරයාගෙන් විමසීම හා ප්රතිචාර දැක්වූ පළමු රාජ්ය නායකයා ඩොනල්ඩ් ට්රම්ප් බව පැවසෙන අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයද ප්රහාරය හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කර ඇති බව පැවසේ.
Views: 1










