උතුරු කොරියාව සම්බන්ධයෙන් මෙතෙක් ඇමෙරිකාව අනුගමනය කළ උපක්රමික නිහඬතාවය අවසන් කිරීමට කාලය පැමිණ ඇති බවත් පෙර නිෂ්ක්‍රීය ක්‍රියාවලියක් හා බැඳුණු යුද ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට තමන් සූදානම් බවත් ඇමෙරිකානු රාජ්‍ය අමාත්‍ය රෙක්ස් ටිලරිසන් දකුණු කොරියානු සංචාරය අතරතුරදී ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දකුණු කොරියාව තුළ ඇමෙරිකානු මිසයිල ආරක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීම සාධාරණීකරණය කරමින් ඇරෙමිකානු රාජ්‍ය ඇමතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති අතර ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ උතුරු කොරියාවෙන් නිරන්තරයෙන් එල්ල වන තර්ජන හමුවේ එවැනි පියවරක් ගැනීම අවශ්‍ය වී ඇති බවත් ඒ සඳහා වන තානාපති මට්ටමේ පියවරයන් ගණනාවක් පිළිබඳව ගවේෂණය කර ඇති බවත්ය.
උතුරු කොරියාව සිදු කරන න්‍යෂ්ටික අත්හදා බැලීම් පදනම් කරගනිමින් ඇමෙරිකාව විසින් නිරන්තරයෙන් උතුරු කොරියාවට එරෙහිව තර්ජනාත්මක ප්‍රකාශයන් සිදු කරන අතර උතුරු කොරියාවද ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවලින් කුමන ආකාරයේ බාධා කිරීම්, සම්බාධක දැමීම් හමුවේ වුවත් සිය න්‍යෂ්ටික ක්‍රියාකාරකම් අත්හදා බැලීම් දිගින් දිගටම සිදුකරනු ලබයි.










