ලංකා විදුලි සේවක සංගමයේ 14 වන වාර්ෂික මහා සමුළුව

ලංකා විදුලි සේවක සංගමයේ 14 වන වාර්ෂික මහා සමුළුව

‘‘විදුලි සේවක අයිතීන් දිනාගැනීමට, 2020 ජනබලය ගොඩනගමු’’ යන තේමා පාඨය යටතේ, ලංකා විදුලි සේවක සංගමයේ අභිමානවත් 14 වන වාර්ෂික මහා සමුළුව මහරගම තරුණසේවා සභා ශාලාවේදී පවත්වන ලදි. උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සියලුම දිස්ත‍්‍රක්ක වලින් බලාගාර, කාර්යාල හා වැඩබිම් නියෝජනය කරමින් සාමාජිකයින් විශාල පිරිසක් සමළුවට සහභාගි විය.
මෙම අවස්ථාවට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඞී. ලාල්කාන්ත මහතා ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් මහතා ඇතුළු වෘත්තීය සමිති නායකයින් රැසක් සහභාගි විය.
දැනට ක‍්‍රියාත්මක වැටුප් අරගලයට අදාලව සහ ලංවිම පුද්ගලීකරණයට එරෙහිවත් ජාතික වශයෙන් රාජ්‍ය ආයතන විකිණීමට එරෙහිවත් ඉදිරි වෘත්තීය ක‍්‍රියාමාර්ගවලට එළඹීම සඳහා යෝජනා ගණනාවක් මෙහිදී සම්මත කරගන්නා ලදි.

Facebook
Twitter
LinkedIn