ආර්ථික අර්බුදය හමුවේ හමුදා සෙබළුන්ගේ ප්‍රමාණය කප්පාදු කරලීමට බ්‍රිතාන්‍යය තීරණය කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි. ඒ අනුව හමුදාවේ අංශ 17ක් අහෝසි කෙරෙනු ඇත.
ආරක්ෂක ලේකම් පිලිප් හැමොන්ඩ් විසින් පසුගියදා පාර්ලිමේන්තුව හමුවේ මෙම කප්පාදු පැකේජය ඉදිරිපත් කර තිබේ. ඒ අනුව 2020 වර්ෂය වන විට දැනට සිටින සෙබළුන් සංඛ්‍යාව වන 102,000 සිට 82,000 දක්වා 20,000කින් අඩු කිරීමට නියමිතය. මෙය සීතල යුද සමයේ එනම් 1978දී සිටි 163,000ක සංඛ්‍යාව හා සසඳන කල අඩකින් අඩුවීමකි.
” ඇතැමුන් මෙම තීරණය සමග එකඟ නොවනවා ඇති. එහෙත් මූල්‍ය අර්බුදය හමුවේ අපට මෙම තීරණය ගැනීමට සිදුවෙනවා.” අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්ගේ ප්‍රකාශකයා කියා තිබේ.
Views: 0









