චීනයේ සංචාරයක නියැලී සිටින කියුබානු ජනාධිපති රාවුල් කැස්ත්‍රෝ සහ චීන ජනාධිපති හූ ජින්ටාවෝ අතර පැවති සාකච්ඡවලින් පසුව රටවල් දෙක අතර පවතින ඓතිහාසික මිතු සබඳතා තව දුරටත් වර්ධනය කිරීමට සහ සියලුම ක්ෂේත්රයන් තුළ සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට ඊයේ බ්‍රහස්පතින්දා රටවල් දෙක ගිවිස ගත්හ.
රටවල් දෙකම මේ වනවිට සංවර්ධනයේ වැදගත් සංධිස්ථානයක පසුවන අතර එකම අරමුණකට මුහුණදෙමින් සිටන බවත් පොදු සංවර්ධනය හා මිත්‍රත්ව සම්බන්ධකම් තවදුරටත් වර්ධනය කරගනිමින් සම්බන්ධතා දියුනු කිරීම රටවල් දෙකේම දියුනුවට ඉතා වැදගත් බව හූ පැවසීය.
කොමියුනිස්ට් පක්ෂ මට්ටමින් සහ රාජතාන්තාන්ත්රික මට්මින් නිරන්තර සාකච්ඡා තුළින් ඉතා කිට්ටු සම්බන්ධතා පවත්වා ගැනීම හරහා ජාතික සහ කොමියුනිස්ට් පක්ෂ ගොඩනැගීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමටද එකඟවිය.
ආර්ථික, සමාජීය හා සංස්කෘතික හුවමාරුවන්ට අමතරව එක්සත් ජාතීන්ගේ ප්රතිසංවිධාන කටයුතුවලදී ඉතා කිට්ටු අන්‍යෝන්‍ය සබඳතාවයකින් කටයුතු කිරීමට ඔවුහු තවදුරටත් ගිවිස ගත්හ.
රටවල් දෙකම ලබාගත් දියුනුවට හේතුව සමාජවාදී දැක්ම බව ඔවුන් ප්‍රකාශකළහ. චීනය සහ කියුබාව යන රටවල් දෙකම තමන්ටම ආවේනික වූ සමාජවාදී ආර්ථික උපායමාර්ගික ක්‍රමවේදය අනුගමණය කරන රටවල් දෙකකි.













