රටපුරා විදුලි බලාගාර වසා දමා විදුලි සේවකයින් හෙට (06) දවල් 12.00 සිට අඛණ්ඩ වැඩවර්ජනයක් අරඹන බව රංජන් ජයලාල් මහතා පවසයි. මෙම වැඩවර්ජනය සඳහා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති 30කට අධික ප්‍රමාණයක් එක්වන බවද ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මෙහෙයුම් කමිටු සාමාජික රංජන් ජයලාල් මහතා වැඩිදුරටත් පවසයි.
පරිවාස කාලය අවසන් නොකළ සේවකයින් 120 දෙනෙකුගේ සේවය අවසන් කිරීමට විදුලි බලධාරීන් ගෙන ඇති තීරණයට විරෝධය පලකරමින් මෙම අඛණ්ඩ වැඩවර්ජන තීන්දුව ගත් බව ඔහු පවසයි.
මෙම වැඩවර්ජනයට සමගාමීව පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේ ඇති නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී කාර්යාලය ඉදිරිපිටදී දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බවද ඔහු පවසයි. මේ නිසා විදුලි සැපයුම අඩාල විය හැකි බවත් ඉන් ජනතාව අපහසුතාවයට පත්වීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බවත් වෘත්තීය සමිති පවසයි.
Views: 0









