අතුරුදහන්වූ දරුවාගේ සිරුර හමුවේ

කඩවත, කරගහමුණ ප්‍රදේශයේ පදිංචිව සිට අතුරුදන් වූ දරුවාගේ සිරුර ඉහළ කරගහමුණ මංගල මාවතේ පිහිටි අනාරක්ෂිත අප ජල රඳවනයක තිබී ඊයේ (04) සොයාගෙන තිබේ.

එම මාර්ගයේ සිට මීටර් 5ක පමණ දුරින් මෙම අපජල රඳවනය පිහිටා තිබේ.

කඩවත වැඩබලන මහේස්ත්‍රාත්වරිය විසින් මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වනු ලැබේ.

කිරිල්ලවල මන්ද මානසික විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි දුමින්ද ප්‍රසන්න නැමති නව හැවිරිදි එම දරුවා ඉකුත් සෙනසුරාදා අතුරුදන් විය.

Facebook
Twitter
LinkedIn