වන අලි ප්‍රහාරයෙන් පුද්ගලයෙකු මරුට

පලාගල ප්‍රදේශයේදී ඊයේ සිදුවූ වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරමුවට පත්ව ඇතැයි වාර්තාවේ.

ඔහු ගෝනදෙනියාව ප්‍රදේශයේ පදිංචි ටී. ආරියදාස නම් වයස අවුරුදු 52ක් වන එක් දරු පියෙකි.

ඔහු එදින තම නිවසෙන් බැහැට ගොස් නැවත නිවසට පැමිනෙමින් සිටියදී රාත්‍රී 10ට පමණ මෙම අනතුරට ගොදුරුව ඇත.

කහල්ල රක්ෂිතයේ සිට කිරිඳිවත්ත දක්වා කිලෝමීටර් 14ක දුරකට විදුලි වැටක් ඉදිකිරීම සඳහා අවශ්‍ය සියළු ද්‍රව්‍ය රැගෙනවිත් ඇතත් මේ වන තුරු එහි වැඩ නිම කර නැත. මේ වන විට එය අතර මග නවතා දමා ත්බේ.

මීට මාස කිහිපයකට පෙර වනජීවී නිලධාරීහු පැමිණ මෙම අලියා අල්ලාගැනීම සඳහා කඳවුරු බැඳ සිටියහ. ඒ දිනවලම අලියෙකු ඇල්ලීමට ගිය ගල්ගමුවේ වනජීවී නිලධාරී පිරිසකට ගම්මුන් පිරිසක් විසින් පහරදීමත් සමග සියලුම වනජීවී නිලධාරීන් තම රාජකාරිවලින් බැහැරවූහ. එහිදී පලාගල ප්‍රදේශයේ සැරි සරන අලියා ඇල්ලීමට පැමිණි නිලධාරීහුද කඳවුරු ඉවත්කරගෙන ගියහ. එතැන් පටන් තවමත් කිසිදු වනජීවී නිළධාරියෙකු මෙහි පැමිණ නැත.

Facebook
Twitter
LinkedIn