නන්දා මාලනියගේ ශ්වේත රාත්‍රිය අවසන්

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියන ලද සුවිශේෂී ගීත නිර්මාණ 25 ක්‌ ඇසුරින් නිර්මාණය කළ විශාරද නන්දා මාලිනිය ගී ගැයූ “ස්‌වේත රාත්‍රිය” සොඳුරු ගී මියෑසියේ අවසන් දර්ශන වාර තුන ගම්පහ කෑගල්ල හා රත්මලාන යන නගරවලදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

ප්‍රසංගයේ 23 වැන්න ජුලි මස 07 වන සෙනසුරාදා රාත්‍රි 6.30 ට ගම්පහ බණ්‌ඩාරනායක විදුහල් ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනු ඇත.

24 වැනි ප්‍රසංගය පැවැත්වෙනුයේ අගෝස්‌තු 10 වැනි දා සවස කෑගල්ල නගර ශාලාවේදී පැවැත්වෙන අතර  අවසාන දර්ශනය සැප්තැම්බර් 17 වැනිදා රත්මලාන සිරස ප්‍රධාන ප්‍රසංග සංකීර්ණයේදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර තිබේ.

ස්‌වේත රාත්‍රිය ප්‍රසංගය දිලීප අබේසේකරගේ පිටපතක්‌ ඇසුරින් දියත්වූ අතර කථනයෙන් දායක වූයේ ප්‍රවීණ නිවේදක නිහාල් වික්‍රම එදිරිසූරියය. සුරේෂ් මාලියද්ද ප්‍රමුඛ තරුණ වාද්‍ය ශිල්පීන් 11 දෙනකු මෙම ප්‍රසංගයේ ආරම්භයේ පටන් අවසාන ප්‍රසංගය දක්‌වා සංගීතය සැපයීමද මෙහි ඇති විශේෂත්වයකි.

ප්‍රදර්ශන ප්‍රසංග 25 කින් අවසන් කරන්නට කලින්ම සැලසුම් කරගෙන තිබූ බවද වාර්තාවේ.

Facebook
Twitter
LinkedIn