විසුරුවා හරින ලද පළාත් සභා සඳහා තරග වදින ස්වාධීන කණ්ඩායම්වලට ඇප මුදල් තැන්පත් කිරීමේ කාල සීමාව ආරමිභ වී ඇති බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.
අතිරේක මැතිවරණ කොමසාරිස් ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ, ලබන 18 වැනිදා මධ්‍යාහ්න 12 තෙක් ස්වාධින කණ්ඩායම්වලට අදාළ පළාත් සභා බල ප්‍රදේශවල පිහිටි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ඇප මුදල් තැන්පත් කළ හැකි බවයි.
උතුරු මැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් සභා පසුගියදා විසුරුවා හැරුනු අතර මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම ලබන 12 වැනිදා සිට 19 වැනිදා දක්වා සිදු කෙරෙන බවත් ඒවායේ ඡන්ද විමසීම් සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බවත් අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා පැවසයි.
Views: 0









