අද අප රටේ පවතින්නේ නිවට නියාලූ පාලකයින් නිසා ඇති වූ ඉන්දියානු බලහත්කාරයේ පාලනයක් බවත් ශිවසංකර් මෙනන්ගේ ආගමනය යනු එම බලහත්කාරයේ එක් අවස්ථාවක් බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික අනුර දිසානායක මහතා පවසන්නේ, අප හා ඉන්දියාව අතර රාජතාන්ත්‍රික ගණුදෙනු තිබිය යුතු බවත් එය එකිනෙකාට ගෞරව කරමින් සහ එකිනෙකාගේ ස්වාධීනත්වය ආරක්ෂා කරමින් සිදුවන රාජතාන්ත්‍රික ගණුදෙනු විය යුතු බවත්ය.
බලශක්ති, ආර්ථීක සහ ව්‍යාපෘති ක්ෂේත්රයට සැලකිය යුතු ප්‍රමාණයකින් ඉන්දියාව ඇතුල් වී තබෙන අතර එම කොටස ආරක්ෂා කරගැනීමටත් වැඩි කරගැනීමටත් ඊට ගැලපෙන දේශපාල වටපිටාවක් නිර්මාණය කර ගැනීමට ඉන්දියාවට අවශ්‍ය වී තිබෙන බවත් අනුර දිසානායක මහතා පවසයි.
‘ඒ වෙනුවෙන් ඉන්දියානු ආරක්ෂක ලේකම් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට උපදෙස් සහ නියෝග ලබාදෙනවා. ඒ අතර රාජපක්ෂ පාලනය ඉන්දියාව හමුවේ නිවට නියාලූ පාලනයක් බවට පත්වී තිඛෙනවා. නැත්නම් මෙනන් ඇවිත් පැයෙන් ජනාධිපතිත් හම්බවෙලා ආපසු යන්නේ කොහොමද? ඒ තමයි රාජපක්ෂ ආණ්ඩුවේ නිවට ප්‍රතිපත්තිය‘ යැයිද ඔහු වැඩුදරටත් පවසයි.









