වාරිමාර්ග ඇමතිවරයා ගොවීන්ගෙන් සමාව ගත යුතුයි – නාමල් කරුනාරත්න

වාරිමාර්ග ඇමතිවරයා ගොවියන්ට අපහාස කරන බවින් ඔහු ගොවියන්ගෙන් සමාව ගතයුතුයැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශකරයි. ඔහු මේ බව පැවසූවේ පසුගිය 26 වනදා අනුරාධපුර වාණිජ මණ්ඩල ශ්‍රවනාගාරයේ දී පවත්වන ලද ගොවි නියෝජිත හමුවකදීය.

එහිදී වැඩිදුරටත් ඒ මහතා පැවසූවේ “ගොවීන් වගා කටයුතු කළේ පෙර කන්න ‍රැස්වීම් වලදී ගත්ත තීන්දු වලට අනුවයි. වාරිමාර්ග නිලධාරීන්ල මහවැලි නිලධාරීන්ල දිසාපති ඇතුලු රජයේ වගකිවයුතු නිලධාරීන් සහභාගි වෙලා තමයි කන්න ‍රැස්වීම් තියන්නෙ. එතනදී තමයි තීන්දු ගන්නේ වගා කරන බිම් ප්‍රමාණයල වගා කරන භෝග වර්ග මොනවද කියලා. නිලධාරීන් අනුමත කරපු බිම් ප්‍රමාණ වල අනුමත කල භෝග තමයි වගා කරලා තියෙන්නේ. ජලාශ වල තිබුන ජලධාරිතාවය අනුව තමයි තීන්දු ගත්තේ. ඒත් දැන් ජලාශ වල වතුර නෑ. නිලධාරින් දන්නේ නහැ තිබුන වතුරට මොකද උනේ කියලා. දැන් වතුර නැතුව වගා විනාශ වෙනවා. වගකීම් භාරගන්න කිසි කෙනෙක් නැහ. වාරිමාර්ග ඇමති වරයා කියනවා කුඹුරු මැරෙන බව දැන දැනම ගොවීන් වගා කලාලු. රජයෙන් වන්දි ගන්නලු මේක කළේ. මේක ගොවීන්ට කරපු අපහාසයක්. ඇමතිවරයා ගොවීන්ගෙන් සමාව ගත යුතුයි. සමාව අරගෙන විතරක් හරියන්නේ නැහැ. හානි වූ වගාවන්ට සධාරණ වන්දියක් ලබා දිය යුතුයි.

පසුගිය කන්නයේදි වී ටික විකුන ගන්න බැරුව අසරණ වෙලා හිටිය ගොවීන් කනකර උකස් කරලා, මුදලාලිලාට ණය වෙලා තමයි යල කන්නයේදි වගා කළේ. දැන් මූලික වියදම් කරලා ඉවරයි. දැන් වතුර නැතුව කුඹුරු මැරෙනවා. ගොවියා අසරණ තත්වයට පත්වෙලා. රජයට මේ වගකීමෙන් නිදහස් වෙන්න බැහ. රජය වගකිවයුතුයි මේ ඇතිවෙලා තියෙන තත්වයට. ඒක නිසා අපි රජයට බල කරනවා සිදුවෙලා තියෙන වගා හානි වලට සධාරණ වන්දියක් ලබා දිය යුතුයි කියල. ඒ විතරක් මදි ලබන කන්නයේ වගා කටයුතු කරන්න සහන දිය යුතුයි. ආණ්ඩුව ඇහුන්කන් දෙන්නේ නැත්නම් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සූදානම් ගොවීන් දැවන්ත බලවේගයක් ලෙස සංවිධානය කරලා ආණ්ඩුවට දැනෙන්න සටන් කරන්න. ඒ සඳහා නයකත්වය දෙන්න අපි සූදානම්.

“නුවරකලාවිය ගොවි සංවිධානයෙ ලේකම් ඒ.එච්.පියතිලක, තමන්කඩුව ගොවිජන පදනමේ සභාපති ටී.බී.සරත්, මහවැලි ‘එච්‘ කලාපයේ නියෝජිත බන්දුල පියරත්න, හුරුලුවැව ව්‍යාපරයේ නියෝජිත තිලකසිරි, අරලගංවිල විජයබාපුර ගොවිසංවිධනයේ ලේකම් අජන්ත ඇතුලු ගොවි නියොජිත මහත්වරුද මෙහිදී අදහස් දැක්වූ අතර ගොවි නයකයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


Facebook
Twitter
LinkedIn