ශිෂ්‍යාවන් අපයෝජනය කළ විදුහල්පති අත්අඩංගුවට

 

හතරවන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි අට හැවිරිදි ශිෂ්‍යාවන් පස්‌දෙනකු සහ ශිෂ්‍යයකු විවිධ ලිංගික අතවරවලට යොදාගත් බව කියන දිවුලපිටිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙක්‌ දිවුලපිටිය පොලීසිය මගින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන ඇත.

අතවරයට ලක්‌ වූ ශිෂ්‍යාවක සිය වැඩිහිටියන්ට කළ දැනුම් දීමකට අනුව පනස්‌ හැවිරිදි වියේ පසු වන මෙම විදුහල්පතිවරයා කාලයක සිට මෙම දැරියන් විවිධ අපචාරවලට යොදාගෙන ඇති බව හෙළි වී තිබේ. අතවරයට ලක්‌වූ එක්‌ දැරියක සිය දෙමාපියන්ද සමග දිවුලපිටිය ප්‍රදේශය අතහැර ගොස්‌ ඇති බවටද අනාවරණය වී ඇත.

සවස පංති පවත්වන බව කියමින් මෙම විදුහල්පතිවරයා ශිෂ්‍යාවන් පාසල් වේලාවෙන් පසු රඳවාගෙන සිය නිල කාමරයේම සිට මෙම අතවර සිදුකර ඇති බවද හෙළි වී තිබේ.

අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර දිවුලපිටිය පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

 

Facebook
Twitter
LinkedIn