අවි ආයුධ රැගත් පිරිසක් සුදු වෑන් රථයක ගමන් කරමින් සිටියදී නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තවේ.
එහි ගමන්ගත් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර බෝර 12 ගිනි අවියක්, අමෙරිකාවේ නිෂ්පාදිත පිහියක්, විදුලි පන්දම් දෙකක් සහ තවත් භාණ්ඩ කිහියක් පොලිසිය භාරයට ගෙන තිබේ.
ගිනි අවි රැගත් කණ්ඩායමක් සැරිසරන බවට ලද තොරතුරක් මත නාවලපිටිය පල්ලේගම ප්‍රදේශයේ අවන්හලක් අසළදී මේ පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් තිදෙනාම ව්‍යාපාරිකයන් වන නමුත් ඔවුන් කවුරුන්ද යන්න පොලීසය විසින් මෙතෙක් අනාවරණය කර නොමැත.
Views: 0









