ජ.වි.පෙ. ගොවි ජනතාව ආණ්ඩුවට එරෙහිව පෙළගැස්වීමට උත්සාහ දරන බැවින් ඊට හවුල් වී ජනජීවිත අඩාල කර නොගන්නා ලෙස අද (25) දිනමිණ ප්‍රධාන පුවතින් පවසයි.
දැනට ඇති නියං තත්වය ප්‍රදේශ කිහිපයක ගොවිබිම් කුඩා ප්‍රමාණයකට බලපා ඇති බවත් ඉන් සිදුව ඇති හානිය අවම බවත් පෙන්වා දෙයි. මේ පුවත තහවුරු කිරීම සඳහා අමාත්‍යවරුන් තිදෙනෙකුම දක්වන අදහස් ඇතුළත් කොට තිබීමද විශේෂයකි. මහින්ද යාපා අබේවර්ධන කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටින්නේ ජ.වි.පෙ. ගොවි ජනතාව මුලා කොට කොළඹට ගෙන්වීමට හදන බවයි. ගොවිජන සේවා හා වනජීවී අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන කියා සිටින්නේ මේ නියඟය පමණක් නොව නියං දහයක් ආවත් ජනතාව බඩගින්නේ නොතබන බවයි.
නියං තත්වයක් පැවතිය හැකි බව තමන් මුල සිටම ගොවීන් දැනුවත් කර තිබූ බවත් ඊට මුහුණ දිය හැකි ක්‍රමවේද දැනුවත් කිරීම කර තිබූ බවත් සඳහන් කරන නිමල් සිරිපාලද සිල්වා වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යවරයා දැනට ඇතිවී තිබෙන නියඟය වී නිෂ්පාදනයට බලපාන්නේ නැති බව කියා සිටී.
ප්‍රවෘත්තියට අනුව රජරට ප්‍රදේශයේ දැනට ඇති නියගය ජ.වි.පෙ. කුමන්ත්රණයක කොටසක් ලෙස පෙනී යයි. නියඟයක් පැවතියද එය ගණන් ගතයුතු තත්වයක ඇත්තේම නැත. නියඟයට ඔරොත්තු දෙන වී ප්‍රභේද පිළිබඳව ආණ්ඩුව පරීක්ෂණ සිදු කරමින් සිටී.
ආශ්රිත පුවත්
අපි නිකන් පෙන්දො වගේ – නියෝජ්‍ය ඇමති









