කලවංචිකුඩි පෙරියල්ලාර් ප්‍රදේශයේ තිබී නාදුනන පිරිමි මළ සිරුරක් හමුවී ඇතැයි වාර්තාවේ.
අද (25) අලුයම පෙරියල්ලාර් පුස්තකාලය අසල ප‍්‍රධාන මාර්ගයේ තිබී මෙම මළ සිරුර හමුවී තිබෙන අතර වයස අවුරුදු 35 ක් පමණ වන පුද්ගලයෙකුගේ සිරුරක් බව සැක කළ හැකි යැයි පොලිස් අධිකාරී සජීව මැදවත්ත මහතා නිවේදනයක් නිකුත්කරමින් පවසයි.
සුදු පැහැති බැනියමක් සහ නිල්පාට ඩෙනිම් කලිසමක් ඇඳ සිට ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියි.
කලවංචිකුඩි පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
Views: 0









