සමතැන් ඉල්ලා ආයුර්වේද වෛද්‍යවරු උද්ඝෝෂණයක

දිවයින පුරා සිටින රජයේ ආයුර්වේද වෛද්‍යවරුන් 1500 ක ප්‍රමාණයක්‌ සිය ඉල්ලීම් කීපයක්‌ ඉල්ලා හෙට (26 වැනිදා) පෙරවරු 10.00 ට රාජගිරිය ආයුර්වේද රෝහල ඉදිරිපිට දී දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක්‌ පවත්වන බව ආයුර්වේද වෛද්‍ය නිලධාරීහු පවසති.

එදින සියලු ආයුර්වේද වෛද්‍යවරුන් ලෙඩ නිවාඩු දමා මෙම උද්ඝෝෂණයට එක්‌වන බව ද වාර්තාවේ.

ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සේවා ව්‍යවස්‌ථාව අවුල් සහගත ලෙස සංශෝධනය කිරීම, බටහිර වෛද්‍යවරුන්ට ලබාදී ඇති දීමනා ආයුර්වේද වෛද්‍යවරුන්ට ලබා නොදීම, ආයුර්වේද පර්යේෂණ ආයතනය හා දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව සහ රැකියා විරහිත ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන්ට රැකියා ලබා නොදීම යන කාරණා මුල් කරගෙන මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය ක්‍රියාත්මක කරන බවද ඔවූහු පවසති.

Facebook
Twitter
LinkedIn