උසස් පෙළ ප්‍රතිඵල අහෝසියි – S.B. – බන්දුල ඇනගනී

පසුගිය උසස් පෙළ විභාගයේ ලකුණු ක්‍රමවේදය අහෝසි කර “z” අගය නැවත වෙන වෙනම (පැරණි විශය නිර්දේශය සහ නව විශය නිර්දේශය සඳහා) ගණනය කරන ලෙස, ශ්‍රේෂ්ඨාධිකරණය මීට මද වේලාවකට පෙර නියෝග කර ඇත.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ, පසුගිය උසස් පෙළ විභාගයේ “z” අගය ගණනය කළ ආකාරය දෝෂ සහිත බවය.

මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ලබාදෙමින් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දී ඇත.

Facebook
Twitter
LinkedIn