ටී.එම්.වී.පී. නැවතත් දෙකඩ වේ

නැගෙනහිර මහා ඇමැති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) මහතාගේ නායකත්වයෙන් යුතු තමිල් මක්කල් වෙඩිතලෙයි පුලිගල් (ටී.එම්.වී.පී.) පක්ෂයේ පවතින අර්බුදයක් හේතුවෙන් එළඹෙන පළාත් සභා මැතිවරණය වනවිට එහි පළාත් සභා මන්ත්‍රිවරුන් තිදෙනකු පක්ෂයෙන් ඉවත්වීමට නියමිත බවත් මෙයට අමතරව තමන්ද ටී.එම්.වී.පී මහ ‍ලේකම් ධුරයෙන් ඉවත් වීමට නියමිත බව ද තෛලේස්වර රාජා මහතා ඊයේ (24) ජන මාධ්‍ය වෙත පවසා තිබේ. නැගෙනහිර මහ ඇමැති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) මහතාගේ දේශපාලන ක්‍රියාවලිය තේරුම් ගැනීමට නොහැකි වීම නිසා පක්ෂය තුළ මෙවැනි අර්බුදයක් උද්ගතව ඇති බව ඔහු වැඩිදුරටත් පවසා ඇත. නැගෙනහිර පළාත් සභාව විසුරුවා හැරීමත් සමග ටී.එම්.වී.පී. තුළ මෙම වෙනස්කම් සිදුවෙනු ඇති බව තෛයි‍ලේස්වර රාජා මහතා  විශ්වාසය පළ කර ඇත.

එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් කැඩී ගිය සංවිධානයක් ලෙස බිහි වූ කරුණා පාර්ශ්වයේ දේශපාලන පක්ෂය බවට ටී.එම්.වී.පී. පක්ෂය බිහි වූ අතර නැවත පදිංචිකිරීමේ නියෝජ්‍ය අමාත්‍ය විනයාග මූර්ති මුරලිදරන් (කරුණා) එහි ආරම්භක නායකයා වූයේය. පසුව ටී.එම්.වී.පී. ය තුළ කරුණා සහ පිල්ලෙයාන් පාර්ශ්ව අතර අර්බුදය විටින් විට මතු වූ අතර කරුණා අම්මාන් පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ධුරයට පත්විය.

Facebook
Twitter
LinkedIn