සියල්ල හෙළිවේ, ජයසූරිය මගදී නතරවේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ නිශාන්ත මුතුහෙට්‌ටිගම, සරත් වීරසේකර, ලක්‌ෂ්මන් වසන්ත පෙරේරා සහ සනත් ජයසූරිය යන මහත්වරුන් මීට ඉහතදී ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දෙමින් වැඩිම මනාපයෙන් තේරීපත්වූ තමන්ට නියෝජ්‍ය ඇමැතිකම් ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලීමක්‌ කර තිබූ අතර එම කණ්ඩායමේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා ඉන් ඉවත්වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

මෙසේ නියෝජ්‍ය ඇමතිකම් ඉල්ලීම සම්බන්ධයෙන් පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ සහ මාධ්‍ය ඔස්සේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පවසා සිටියේ මෙම ඉල්ලීම රාජපක්ෂ පවුලේ බලය තහවුරු කිරීමේ එක් කටයුත්තක් බවත් මෙහි අරමුණ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ඇමතිකමක් ලබාගැනීම බවත්ය. මෙම ප්‍රකාශ සමග නියෝජ්‍ය ඇමතිකම් ඉල්ලීමේ කථිකාකවත යටයමින් තිබිණ.

කෙසේ වෙතත් තම තීරණය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත පෙරේදා (23) දැනුම්දී ඇත.

මේ දිනවල ඉන්දියාවේ ජනප්‍රිය රියලටි වැඩසටහනක නර්ථනයේ යෙදෙන සනත් ජයසූරි මහතා “ගේම අත්හැරියේ” ඉන්දියාවේ ගිය පසුබව නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසන්නේයැයි ඉතා විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn