ෆුකුෂිමා බලාගාර අනතුරින් පසුව පළමු වරට ආරක්ෂිත මට්ටමට වඩා හානිකර විකිරණ අඩංගු සහල් ජපානයෙන් හමුවී තිබේ.
මෙම විකිරණශීලී මූලද්‍රව්‍ය අඩංගු සහල් හමුවී ඇත්තේ බලාගාරයෙන් කිලෝමීටර් 60ක් දුරින් පිහිටි ෆුකුෂිමා නගරයේ ගොවි බිමකිනි. පසුගිය මාසවල විකිරණශීලී මූල ද්‍රව්‍ය අඩංගු මස් වර්ග, හතු වර්ග හා තේ කොළ හමු වූ නමුදු සහල්වල මෙම තත්වය හදුනා ගැනුනේ පළමු වරටය.
මෙම සහල් වෙළදපොළ සදහා නිෂ්පාදනය කරන ලද ඒවා වූවද ඒවා විකිණීම අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන ඇත. කෙසේ වූවද මෙම තත්වය මගින් අපේක්ෂිත අනතුරුදායක භූමි සීමාවද ඉක්මවා විකිරණවල බලපෑම සුළගින් හා ජලය මගින් ව්‍යාප්ත වී ඇති බව හෙළිදරව් වී තිබේ.
4









