මෙම වසරේ ජනවාරි 20 සිට පෙබරවාරි 28 දක්වා කාලය තුළ අමාත්‍යාංශවලට වාහන ගැනීම සදහා රුපියල් පනස්පන්කෝටි හැටහත් ලක්ෂ අසූ හය දහස් හත්සිය හැට අටක් (රුපියල් 55,67,86,768/-) වියදම් කර ඇති අතර එයින් රුපියල් විසිපන් කෝටි විසිනව ලක්ෂයක් (25,29,00,000/-) වැය කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයට වාහන ගැනීම සදහාය. එය වාහනවලට දැරූ මුළු වියදමින් 45.5% වේ.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 2011 පරිපූරක වෙන් කිරීමේ ලේඛනයෙන් මේ බව හෙළිවේ. මෙම මුදල් වියදම් කිරීමේ බරපතළකම හෙළිවන්නේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන සමයේඅවසන්වන විට ජනාධිපතිවරයාට වෙන්කර තිබූ වාහන සංචිතයේ අගය සමග සැසදීමේදීය. 2005 වසර අවසන්වන විට ජනාධිපති යටතේ වූ වාහන සංචිතයේ වටිනාකම රුපියල් තුන්කෝටි නව ලක්ෂ දස දහසක් ( 3,09,10,000/-)වී තිබීම හා සැසදීමේදීය. පෙබරවාරි 10 දින පමණක් ජනාධිපති ලේකම් කාර්යාලයට රුපියල් විසිපන් කෝටි විසි නව ලක්ෂයක් වියදම් කර ඇත.
එමෙන්ම 2005 අවසන් වන විට ජනාධිපතිවරයා යටතේ වූ වාහනවල වටිනාකම රුපියල් තුන්කෝටි නවලක්ෂ දස දහසේ සිට 2009 අවසන්වනවිට දෙසිය හතලිස් එක් කෝටි තුන්ලක්ෂ හතලිස් හය දහස දක්වාද (241,03,46,000/-) දක්වාද වැටි වී තිබේ. පසුගිය පෙබරවාරි මස වියදම් කළ රුපියල් 25,29,00,000/- ද මෙම අගයට එකතු වූ විට අදසිය අසූ හත්කෝටි පනස් තුන් ලක්ෂ තිස්පන්දහස (287,53,35,000/-) දක්වා ඉහළ යයි.









