වසර 45 කට පසුව සඳ වටා රවුමක් යෑමට මිනිසුන් දෙදෙනෙකුට අවස්ථාව!

ඇමෙරිකාවේ පුද්ගලික රොකට් සමාගමක් වන ‘ස්පෙක්ස් එක්ස්‘සමාගම 2018 වසරේදී ඇමෙරිකානුවන් දෙදෙනෙකු අභ්‍යාවකාශ ගතකිරීමට සූදානම් වේ.

මෙම ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකාවේ නාසා ආයතනයේ අනුමැතියද හිමිව ඇති අතර වසර 45කට පසුව මෙලෙස සඳවටා අභ්‍යාවකාශයේ සැරිසැරීමට මිනිසුන්ට අවස්ථාව හිමිවේ. මේ සඳහා සහභාගී වීමට පුද්ගලයින් රැසක් කැමැත්ත පළ කර මුදල්ද තැන්පත් කර ඇති බව වාර්තා වේ.

මෙම අභ්‍යාවකාශ සංචාරය සඳහා සහභාගී වන පුද්ගලයින් දෙදෙනා මේ වසරේ අගභාගයේදී පුහුණු කිරීමට හා සූදානම් කිරීමට නියමිත අතර එයට සහභාගීවන පුද්ගලයින් දෙදෙනාගේ අන්‍යතාවය මෙතෙක් හෙළි කර නෙැමත.Image result for සඳ

 

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්