එංගලන්ත කි‍්‍රකට් පිලේ සුපිරි පිතිකරුවෙකු වන කෙවින් පීටර්සන් එක්දින සහ විස්සයි විස්ස තරගවලින් සමුගැනිම ප්‍රකාශයට පත් කර ඇත.
2015 වසරේදී පැවැත්වෙන ලෝක කුසලානය ඉලක්ක කරගෙන තරුණයන් හට තම දක්ෂතා මුවහත් කර ගැනීමට අවස්ථාව දීම මේ මොහොතේ අත්‍යාවශ්‍ය කරුණක් වී ඇති බව තම සමූගැනීම ප්‍රකාශ කරමින් 31 වියැති ක්‍රීඩා තරුව පැවසීය.
සීමිත ඕවර තරගවලින් තමන් සමුගත්තද ටෙස්ට් තරග සදහා අවස්ථාවක් ලැබෙන්නේ නම් කී‍්‍රඩා කිරීමට සූදානම් යැයි පසුගිය විස්සයි විස්ස ලෝක ශූරතා තරගාවලියේ විරයා වූ පීටර්සන් වැඩිදුරටත් පැවසීය.
නමුත් මේ සම්බන්ධයෙන් අදහස් පල කරන එංගලන්ත කි්රනට් පාලක සභාවේ කළමණාකර අධ්‍යක්ෂක හියු මොරිස් පවසන්නේ එංගලන්ත කි‍්‍රකට් තේරීම් කමිටු නියමයන් අනුව යම් කි‍්‍රඩකයෙක් සිය කැමැත්තෙන් එක් තරග රටාවකින් සමුගත්තේ නම් අනෙකුත් තරග සදහාද ඔහුව කන්ඩායම නම් කිරීමේදී සලකා නොබලන බවයි.
කෙසේ් වෙතත් පීටර්සන් යනු විශිෂ්ට කි‍්‍රඩකයෙකු බවද ඔහුගේ මෙම තීරණය සම්බන්ධයෙන් තමන් බලවත් සේ කණගාටු වන බවද හියු මොරිස් වැඩිදුරටත් පවසයි.









