උදයංගගේ බැංකු ගිණුම් පිරික්සීමට අධිකරණ නියෝගයක්

Image result for udayanga weeratungaරුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග සතු බැංකු ගිණුම් 5ක වාර්තා ලබා ගැනීම සඳහා කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ඊයේ (28) අවසර ලබා දී තිබේ.

ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේ දී සිදුව ඇති බව කියන මිලියන ගණනක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර ඇත.

ඊයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් මහතා අධිකරණයට කරුණු දක්වමින් මිග් යානා ගනුදෙනුවේදී අතරමැදියකු ලෙස කටයුතු කරමින් මිලියන ගණනක වංචාවක් සිදු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා බැංකු ගිණුම් පහක වාර්තා ලබා ගැනීම සඳහා අවසර ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. 

ඒ අනුව මහෙස්ත්‍රාත්වරිය විසින් අදාළ නියෝගය නිකුත් කර තිබේ.

Facebook
Twitter
LinkedIn