මී ගවයෙක් කඩා පැනීම නිසා අද (28) උදෑසන දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 73 සලකුණ අසල දැඩි කලබලකාරී තත්වයක් හටගෙන තිබූ බව වාර්තාවේ.
උදේ 7.10ට පමණ මෙය සිදුවී ඇති අතර අධිවේගී මාර්ගයට පැමිණි මී ගවයා ඇල්ලීම සදහා ගම්වාසීන් පිරිසක් පැමිණ මහත් පරිශ්‍රමයක් දරා ඇත. ඒ අවස්ථාවේ අධිවේගී මාර්ගයේද යම් තද බදයක් තිබී ඇත.
කඹ යොදා ගවයා අල්ලා ගැනීමට ප්‍රදේශවාසීන් ගත් වෙහෙස එම ස්ථානයෙන් ගිය මගීන් හට මහත් හාස්‍ය ජනක සිද්ධියක් වී ඇත.
ගම් වාසීන් පවසන්නේ පසුගිය දිනවල ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග මාර්ගය දෙපස ප්‍රදේශ වැසි වතුරට යටවූ බැවින් තම ගවයින් අධිවේගී මාර්ගයට පැමිණීම වැලැක්විය නොහැකි බවය.
Views: 0









