කොළඹ ජාතික කෞතුකාගාරයේ සිදුවූ පුරාවස්තු කොල්ලය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා පියවර ගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය මේ වනතුරු පරීක්ෂණ පවත්වාගෙන ගිය අතර පුරාවස්තු සොරකම පිළිබඳව සුලමුල සොයා ගැනීමට අපහසු විය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ පොලිස් අධිකාරි ආර්. එල්. රණවීර මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි නුවන් වෙදසිංහ, ප්රධාන පොලිස් පරීක්ෂක හේමන්ත දික්ඕවිට ඇතුළු නිලධාරීන් මෙම පුරාවස්තු හොරකම පිළිබඳව පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.
මෙම සිද්ධියට අදාළව 200කට ආසන්න පිරිසකගෙන් ප්රශ්න කර කටඋත්තර ලබාගෙන තිබිණි.
කොළඹ ජාතික කෞතුකාගාරයට ඇතුළු වූ පිරිසක් එහි තිබු ඓතිහාසික වටිනාකමෙන් යුතු කඩු, රන්කාසි ඇතුළු පුරාවස්තු රැසක් සොරාගෙන ගොස් තිබුණේ ඉකුත් මාර්තු මාසයේදීය.









