ගෝල්ඩන් කී තැන්පතු ඉල්ලා අයෙක් උපවාසයේ

ගෝල්ඩන් කී සමාගමේ තැන්පත් කළ ලක්‍ෂ 305 මුදල නොලැබුණහොත් දරු පවුල සමග සිරුරට ගිනි තියාගෙන ජීවිත හානි කරගන්නවා යෑයි කියමින් රඹුක්‌කන පදිංචි 48 හැවරදි හත්තොට රාළලාගේ සමන් ශාන්ත මහතා කෑගල්ලේ පිහිටි එම සමාගමට අයත් ආයතනයක්‌ ඉදිරිපිටදී ඊයේ (24) උපවාසයක්‌ ආරම්භ කර ඇත.

රඹුක්‌කන කිරිවන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සමන් ශාන්ත මහතා දරුවන් දෙදෙනාද සහ භාර්යාව සමග උපවාසය ආරම්භ කරමින් කියා සිටියේ තමා තැන්පත් කළ මුදල් හෝ කිසිම දෙයක්‌ තමාට නොලැබුණු බවයි.

ඊයේ (24) ආරම්භ කළ උපවාසයෙන් බලධාරීන් ඇහුම්කන් නොදුනහොත් දිවයිනේ ප්‍රධාන නගරවල කාර්යාල ඉදිරියටද ගොස්‌ උපවාස කර එයින් ද පිළිසරණක්‌ නොලැබුණහොත් කොළඹ හැව්ලොක්‌ ටවුමේ ඇති ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී තමා සමග දරු පවුලම ගිනි තබාගෙන ජීවිත හානි කරගන්නා බවද සමන් ශාන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මීට අවුරුදු 4කට පෙරදී ඔහුට සිදුවී ඇති අසාධාරණයක්ද අපට වාර්තා වී තිබේ.

මෙම උපවාසයේ නියුතු සමන් මහතාගේ සිව්වියැති දරුවා උපදින්නට සිටියදී සෙලින්කෝ සමාගම වෙත ‍ගොස් ඉඩමක් මිලදී ගැනීම සඳහා ණයක් ගැනීමට ඔහු උත්සාහ දරාඇත්තේ තම උපදින්නට ඉන්නා දරුවාවෙනු‍වෙන් යමක් ඉතිරිකිරීමේ අපේක්ෂාවෙණි. කෙසේ වෙතත් සමන් මහතා පවසන පරිදි මෙම කාරණට සවන් දුන් සෙලින්කෝ අධිපතිවරයා පවසා ඇත්තේ ණයක් අවශ්‍ය නොවන බවත් කොතලාවල යන නාමය දරුවාට එක්කරන්නේනම් ඇයගේ නමට ඉඩමක් ලබා දෙන බවත්ය. කෙසේ හෝ දරුවා‍ගේ නමේ අගට වාසගම ලෙස කොතලාවල යන නාමය යොදා ඇත. එහෙත් එම ඉඩම ඇයගේ නමට ලැබී නැත.

Facebook
Twitter
LinkedIn