එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු ලෙස පෙනී සිටින අභ්‍යන්තර වෙළෙඳකටයුතු ඇමති ජෝන්ස්ටන් ප්‍රනාන්දුගේ සමීපතම ගෝලයෙකු වෙඩිතබා ඝාතනයකර ඇතැයි වාර්තා වේ.
පසුගිය (23) රාත්‍රියේ මෙම වෙඩිතැබීම සිදු කර ඇති අතර ඔහු සිය බිරිඳ සමග නිවස ඉදිරිපිට කතා කරමින් සිටියදී අඳුරේම පැමිණ ඇති තුවක්කුකරු ඔහුට වෙඩි තබා ඝාතනය කර පලා ගොස් තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 36 හැවිරිදි සුමිත් කුමාරසිංහ නොහොත් අමිල නමැති දෙදරු පියෙකි. ඔහු ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් මාවතගම පිහිටි මත්පැන් අලෙවිසලේ කළමනාකරු ලෙස සේවය කර ඇති අතර පොලියට මුදල් දීම ආදී වෙනත් ව්‍යාපාර කිහිපයක්ද කරගෙනගොස් ඇත.
ඝාතනය සඳහා පතරොම් තුවක්කුවක් යොදාගෙන ඇති බවත් ඝාතනයට හේතුව කුමක්දැයි මෙතෙක් හෙළිදරව් වී නැති බවත් පොලීසිය පවසයි.
මෙම වෙඩිතැබීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පවසන්නේ “අනේ මහත්තයෝ ඕක කාලකන්නියෙක්, ඕක කරන්නෙම මැර වැඩ, පොලියට සල්ලි දෙනව, මිනිස්සුන්ට ගහනව, ඡන්ද කාළෙට ඕක තමයි මහලොකු චණ්ඩිය වගේ මැරවරඩ කරන්නෙ. ඕක මරපු එක හොදයි.” යනු වෙනි. තවත් කිහිප දෙනෙක්ම අප සමග අදහස් පළකර අතර ඔවුන් සියළුදෙනාම වාගේ ප්‍රකාශ කළේ එවැනි අදහස්ය.









