පසුගිය රාජපක්ෂ රජයේ සිදුවු කම්කරු නීති දියාරු කිරිම් සැලැස්ම යහපාලන රජයද ක්‍රියාත්මක කිරීමට සූදානම්වනවා යැයි කම්කරු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරිම හා කම්කරු සබඳතා සේවා ව්‍යවස්ථාව ඇති කිරිමට රජයට බල කරමින් අද (19) කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවති උද්ඝෝෂණයේ දී කම්කරු නිලධාරින්ගේ සංගමෙය් සභාපති අයි.සී. ගමගේ මහතා ප්‍රකාශ කළේ ය.
බොරු කමිටු පත් නොකර රජයේ මේ ප්‍රශ්නය ක්‍රමවේදයක් අනුව කැබිනට මණ්ඩලයට යොමු කළ යුතු බවත් ප්‍රශ්නයට පිළිතුරක් නොලැබුණොත් දෙපාර්තමේන්තුවේ සියලු දෙනාගේ ඉතිහාසය එළි කරන බවත් ඒ මහතා පැවසීය.
විසඳුමක් ලැබෙන තෙක් සිය වර්ජනය ඉදිරියට ගෙන යනබවත් ඔහු පැවසීය.



Views: 0









