මාලබේ තොරතුරු තාක්ෂණ ආයතනයේ ඉගෙනුම ලබමින් සිටි සිසුවකු වූ නිපුණ රාමනායකට 2009 අගෝස්තු මාසයේ දී පැහැරගෙන ගොස් පහර දීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන, බිරිය ශ්‍යාමලී ගුණවර්ධන සහ පොලිස් නිලධාරීන් පස් දෙනකුට එරෙහිව අද (19) කොළඹ මහාධිකරණයේ දී අධිචෝදනා බාර දී තිබේ.
වාස් ගුණවර්ධන සහ රවිඳු ගුණවර්ධන දැනට බන්ධනාගාර ගතව ඇති බැවින් ඔවුන්ට ඇප හිමි නොවූ අතර සෙසු සැකකරුවනට රුපියල් පනස් දහසක මුදල් හා පන්ලක්ෂයේ ශරීර ඇප දෙක බැගින් නියම කළ මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ගුණතිලක මහත්මිය නඩු විභාගය පෙබරවාරි 06, 07 සහ 08 යන දිනවල පැවැත්වීමට නියෝග කර තිබේ.
ප්‍රේම සම්බන්ධයක් මුල් කරගණිමින් වාස් ගුණවර්ධනගේ අනුදැනුම මත ඔහුගේ බිරිඳ හා පුත්‍රයා නිපුණ රාමනායකට අමාණුෂික ලෙස පහරදුන් බවට එකල මාධ්‍ය වාර්තා පල විය.
වාස්ගුණවර්ධනට එල්ල වී ඇත් මිනීමැරුම් චෝදනාවක වරදකරු වී ජීවිතාන්තරය දක්වා සිරදඬුවමක්ද නියම වී තිබේ.
https://www.youtube.com/watch?v=6K7p5tu0pto
https://www.youtube.com/watch?v=IOZZFfScxYs
![]()












