උතුරුමැද පළාත් සභා මහ ඇමති පේෂල ජයරත්න මහතාගේ සෘජු නියෝග මත අනුරාධපුර නිවර්තකචේතිය මහා විද්‍යාලයේ විදුහල්පති කරුණාරත්න බණ්ඩාර මහතාව ගල්කුලම මහා විද්‍යාලයට මාරු කර යැවීමට එරෙහිව විරෝධය දක්වමින එම විද්‍යාලයේ ආධිශිෂ්‍ය සංගමය හා දේමුව්පියන් විරෝධතාවයක නිරතවී තිබේ.
එමෙන්ම එම විදුහල්පතිවරයාව එම පාසලෙන් ඉවත්කිරීමට විරෝධය දක්වමින් ලංකා ගුරුසේවා සංගමයේ හා ගුරු විදුහල්පති ඒකාබද්ධ කමිටුව විසින්ද තවත් විරෝධතාවයක් සංවිධානය කර ඇත.
ආධිශිෂ්‍ය ශිෂ්‍යාවන්, දෙමව්පියන්, ගුරුවරුන් හා විදුහල්පතිවරුන් නිවර්තකචේතිය මහා විද්‍යාලය ඉදිරිපිට සිට ආණ්ඩුකාර කාර්යාලය දක්වා පාගමණකින් පැමිණ ආණ්ඩුකාරවරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡාවකද් සිදු කර තිබේ.
ලඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ එම පාසලට රුපියල් දසලක්ෂ 500ක මුදලක් ලැබීම සම්බන්ධයෙන් එම පාසලට දේශපාඥයින් කැඳවා උත්සවයක් නොපැවැත්වුවේ යැයි විදුහල්පති කරුණාරත්න බණ්ඩාර මහතා සමග ඇති කරගත් මතගැටුමක් මත ඒ මහතාව මෙසේ මාරු කර යවා ඇතැයි දෙමව්පියෝ චෝදනා කරති.
එමෙන්ම පේෂල ජයරත්න මහතාට හිතවත් යෙකු විදුහල්පති ලෙස එවා ඇති බවත් 2013 වසරේ සිට පසුගිය අවුරුදු 03 ඇතුළත මෙම පාසලේ විදුහල්පතිවරු 06දෙනෙකු මාරුකර යවා ඇති බවත් පාසලේ උන්නතිය උදෙසා නිරන්තරයෙන් කටයුතු කළ කරුණාරත්න බණ්ඩාර මහතාව වාහම නැවත ලබා දෙන ලෙසත් දෙමව්පියන් හා ආධිසිසූහු ඉල්ලා සිටිති.
එමෙන්ම පේෂල ජයරත්න මහතාට විරුද්ධව අනුරාධපුර ගල්කුලම ධම්මදින්න මහා විද්‍යාලයේ දෙමව්පියන් පිරිසක් ගලුකුලම ඔරලෝසු කණුව අසල විරෝධතාවක නිතරව ඇති අතර ඔවුන් පවසන්නේ පාසලට අවශ්‍ය දෙමහල් ගොඩනැගිලි දෙකක් ඉදිකිරීම පමා කරමින් ඇති බවයි.
එම පමා කිරීමට මහ ඇමතිවරයා වග කිවයුතු බවද ඔවූහු පවසති.














