ගම්මන්පිල දිගටම පුරු පුරු ගගා ඉන්නවලු…

Image result for gammanpilaතමන් සිදු ටෙලිනාට්‍යයේ ඉන්නා, මීයන් කැරපොත්තන් අල්ලාගෙන කන බළලා මෙන් හදන්න බැරි බව මහින්ද පිලේ මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදි පැවසීය.

තමා ඩී.එස්. සේනානායක විද්‍යාලයේ පාසල් යන සමයේ විදුහල්පති ආර්.ටී. අලස් මහතාද තමන්ට පැවසූවේ ගමන් කරන පිල හදන්නම බැරි බවත් යැයි ඔහු තවදුරටත් පැවසීය.

ටෙලිනාට්‍යයට අනුව පන්සලක හැදෙන සරණ නැමති බළලා මීයන් අල්ලාගෙන කන බවත් ඌ හදන්න බැරි බවත් සිදු කතාවේ පොඩි හාමුදුරුවෝ විහාරාධිපති හිමියන්ට පවසන  අතර විහාරාධිපති හිමියන් පවසන්නේ සරණ කියලා නමක් දැම්මට ඌ බළල් නාම්බෙක් බවයි. ඌ පන්සලට ගෙනල්ලා කන්න බොන්න දුන්නට ඌ සංසාරේ කළ අකුසළ කර්ම මැකෙන්නේ නැති බවත් පවසයි. 

ගම්මන්පිල මහතා පවසන පරිදි තමන්ද සරණ නැමති බළලා මෙන්ම කොපමණ ගුණ කළත් හැදෙන්නේ නැති සතෙකි.

ගම්මන්පිල දිගටම පුරු පුරු ගගා ඉන්නවලු…

ගම්මන්පිල දිගටම පුරු පුරු ගගා ඉන්නවලු…

Posted by Lanka Truth on Tuesday, September 13, 2016

Facebook
Twitter
LinkedIn