ජනජීවිත වනසන සාම්පූර් ගල්අඟුරු බලාගාරයේ වැඩ නැවැත්වීම ජනතා ජයග්‍රහණයක් බව නැගෙනහිර ජනතා හඬ සංවිධානයේ කැඳවුම්කරු මෙන්ම ග්‍රීන් ට්‍රින්කෝ සංවිධානයේ ආරම්භක සාමාජික අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි.
හේමචන්ද්‍ර මහතා මේ බව පැවසූවෙ එම ගල් අඟුරු බලාගාරය ඉදි කිරීම මගින් මූලික මිනිස් අයිතිවාසිකම් කඩවන බවට ග්‍රීන් ට්‍රින්කෝ සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබූ පෙත්සමකට අනුව අධිකරණය විසින් අද (13) ප්‍රකාශ කළ තීරණය සම්බන්දව අදහස් දක්වමිණි.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම සම්බන්ධයෙන් නීතිපති මතය විමසා ඇති අතර නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා කර ඇත්තේ යෝජිතව තිබූ සාම්පූර් ගල් අඟුරු බලාගාරය ක්‍රියාත්මක නොකරන බවට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් අමරනාත් බටගොඩ තමන්ට දැනුම්දී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වූ අරුන් හේමචන්ද්‍ර මහතා පැවසූවේ නැගෙනහිර ජනතා හඬ සංවිධානය සහ ග්‍රීන් ට්‍රින්කෝ සංවිධානය ඇතුළු ජනතාවගේ දැඩි විරෝධතා නිසා ආණ්ඩුවට මෙම ව්‍යාපෘතිය නතරකිරීමට සිදු වූ බවත් මෙය ජනතාව ලැබූ දැවැන්ත ජයග්‍රහණයක් බවත්ය.
එම ව්‍යාපෘතිය හේතුවෙන් අසාධාරණයට පත් වූ ජනතාවගේ මානව හිමිකම් කඩවිම පිළිබඳ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමටද නැගෙනහිර ජනතා හඬ සංවිධානය හා ජනතා විමුක්ති පෙරමුණ පසුගිය පෙබරවාරි 05වනදා කටයුතු කර තිබිණ.
එම පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන් සහ ප්‍රියන්ත ජයවර්ධන යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.
ආශ්රිත පුවත්
නැගෙනහිර ජනතා හඬ මානව හිමිකම් කොමිසමට
සාම්පූර් අගුරු බලාගාරයට අදත් විරෝධතා









