චීන – රුසියා ඒකාබද්ධ යුද අභ්‍යාසය ඇරඹේ

අන්දෝලනාත්මක දකුණු චීන මුහුදු කලාපයේ රුසියානු නාවික හමුදාව හා එක්ව චීනය දැවැන්ත යුද අභ්‍යාසයක් අද (12) දිනයේදී ආරම්භ කර ඇති අතර එය නම් කර ඇත්තේ ‘මුහුදු එකමුතුව 2016‘ නමිනි.

දින අටක් පුරා පැවැත්වෙම මෙම නාවික අභ්‍යාසය සඳහා දෙරටේම යුද නෞකා, සබ්මැරීන, විශේෂ ප්‍රහාරක යාත්‍රා මෙන්ම සබ්මැරීන නාශක යාත්‍රාද එක්ව ඇති බව වාර්තා වේ. දෙරට අතර 2012 වසරේ සිට අඛණ්ඩව පැවැත්වෙන මෙම නාවික අභ්‍යාසය පස්වැනි වරට පැවැත්වෙන අතර මතභේදාත්මක මුහුදු කලාපයක් වන දකුණු චීන මුහුදු සීමාවේ මෙවර පැවැත්වෙන යුද අභ්‍යාසය වෙත විශේෂ අවධානයක් යොමුව තිබේ.

යුද අභ්‍යාසය සඳහා පැමිණි රුසියානු නාවික යාත්‍ර පිළිගැනීමේ උත්සවය අමතමින් චීන නාවික හමුදාවේ නියෝජ්‍ය අණදෙන නිලධාරියෙකු මෙන්ම මෙම අභ්‍යාසයේ අධ්‍යක්ෂක ධූරය දරන වෑන් හායි ප්‍රකාශ කර ඇත්තේ පොදු ආරක්ෂාව පිළිබඳ තර්ජනවලට මුහුණ දීම සඳහා චීනය හා රුසියාව මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසය අඛණ්ඩව පවත්වන බවය. එහිදී සාමූහිකත්වය වර්ධනය කර ගැනීම, එකිනෙකාගේ යුද හැකියාවන් හුවමාරු කර ගැනීම, මිත්‍රත්තවය හා එකිනෙකා අතර බැඳීම් ශක්තිමත් කර ගැනීම මෙම අභ්‍යාසයේදී සිදු කර ගැනීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් චීනය තම රට වෙත එල්ල වන ඕනෑම ආකාරයේ අභියෝගයකට මුහුණ දීමට මේ වනවිට සිය හැකියාවන් වර්ධනය කර ගනිමින් සිටින අතර විශේෂයෙන්ම ආර්ථික හා ආරක්ෂාව අතින් අතිශය වැදගත් කමක් ඇති දකුණු චීන මුහුදු කලාපයේ මෙම අභ්‍යාසය පැවැත්වීම සඳහා යොදා ගැනීමද සිය ආධිපත්‍ය කලාපය තුළ තහවුරු කරගැනීමක් වශයෙන්ද හැඳින්විය හැකිය.Image result for Chinese Russian joint military exercise 2016Image result for Chinese Russian joint military exercise 2016Image result for Chinese Russian joint military exercise 2016

Facebook
Twitter
LinkedIn