තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට ගෙනයන විරෝධතාවලට නිසි ප්‍රතිචාර නොලැබෙන නිසා ඉදිරි කි‍්‍රයාමාර්ගවලදී වරාය හා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති සහභාගි කරගැනීමට තීරණය කළ බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.
තී්රකුණාමලයේ හා හම්බන්තොට වරායේ තෙල් ටැංකි විකුණා දැමීමට සහ තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට ගෙන තිබෙන තීරණය වහාම අවලංගු කර දමන ලෙසට ඛනිජ තෙල් වෘත්තීය සමිති, කොලොන්නාවේ නිමාව හා සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරිපිටදී විරෝධතා පවත්වා තිබෙන බවද එම සංගමයේ කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේ ය.
එහෙත් මෙම විරෝධතාවලට කිසිදු බලධාරියෙකු වෘත්තීය සමිතිවලට සාකච්ඡාවක් ලබාදී නොමැති බවද ඔහු පවසා සිටියේ ය.
මේ නිසා තෙල් සංස්ථාවට වරාය හා විදුලිබල මණ්ඩලය සම්බන්ධ නිසා ඉදිරි ක්‍රියාමාර්ගවලදී වරාය හා විදුලිබල වෘත්තීය සමිති ඒකාබද්ධ කර ගැනීමට තීරණය කළ බවද කැඳවුම්කාරවරයා කියා සිටියේ ය.
මීට අමතරව ඉදිරියේදී දෙමටගොඩ පිහිටි තෙල් සංස්ථා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදීත් විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවද හෙතෙම සඳහන් කළේ ය.









