මේක, බුදුසරණයි බෝඩ් එකෙන් මස් විකුණන ආණ්ඩුවක්

රට දියුණු කරන බවට පොරොන්දු ලබාදෙමින් බලයට පැමිණි ආණ්ඩුව මස් මුදලාලිගේ රථයට බුදුසරණ බෝඩ් එක ගසාගෙන මස් ප‍්‍රවාහනය කරනවා සේ යහපාලන බෝඩ් එක ගසාගෙන ආණ්ඩුව රටේ සම්පත් විකුණා දමමින් සිටින බව ජාතික භික්ෂු පෙරමුණ සඳහන් කරයි.

ගෙවී ගිය කාලය තුළදී රට පාලනය කළ පිරිස් රටේ දියුණුව වෙනුවෙන් ස්ථාපිත කර තිබූ රාජ්‍ය ආයතන 80කට වැඩි ප‍්‍රමාණයක් විකුණා දැමීමට කටයුතු කළ බවද ඊයේ (11) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී එම පෙරමුණේ හිමිවරු අවධාරණය කළහ.

රාජ්‍ය ආයතන විකුණා දැමීමට පසුගිය පාලකයන් කටයුතු කිරීමට අමතරව ඉතිරි රාජ්‍ය ආයතන හා සේවා විකුණා දැමීමට රනිල්-මෛතී‍්‍ර හවුල් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවද එම පෙරමුණේ විධායක සභික හා ගාලු දිස්ති‍්‍රක් ලේකම් පූජ්‍ය දේවාලේහිඳ අජිත හිමිපාණෝ සඳහන් කර සිටියහ.

සේවා විකුණුම් යටතේ අධ්‍යාපනය පෞද්ගලිකරණය කරමින් හා වෛද්‍ය සේවාව මුදලට විකුණා දමමින් සිටන බවද අවධාරණය කළහ.

නිදහස් අධ්‍යාපනයක් රට තුළ කි‍්‍රයාත්මක කිරීම නිසා සියලුම දෙනාටම අධ්‍යාපනය ලැබීමට වරම් හිමි වූ බවත් මේ නිසා උගතුන් බුද්ධිමතුන් රට තුළ බිහි වූ බවද සඳහන් කර සිටියහ. 

මේ නිසා රටේ සම්පත් විකුණා දැමීම නවතා දැමීමට වහාම කටයුතු කළ යුතු බවත් එසේ නොමැති වුවහොත් ඒ වෙනුවෙන් සිදුකළ හැකි සෑමදෙයක්ම සිදු කරන බවද උන්වහන්සේ අවධාරණය කළහ.

“රට විකුණා රට කරවීමට සැළසුම් කරන” ආණ්ඩුවේ ද්‍රෝහී ක්‍රියාදාමයට එරෙහිව ජාතික භික්ෂු පෙරමුණ 2016.09.11 වන දින පෙ.ව 10 ට මරදාන ඩීන්ස් පාර සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී පැවති ජනමාධ්‍ය හමුවේ දී කරුණු පැහැදිලි කරන ජාතික භික්ෂු පෙරමුණේ ගාලු දිස්ත්‍රික් ශාඛාවේ සභාපති, විධායක සභික පරගොඩ රාජමහා විහාරාධිපති, ශාස්ත්‍රවේදී දේවාලෙහිඳ අජිත හිමියන් කරුණු පැහැදිලි කරන අතර මෙහිදි ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම්, ශාස්ත්‍රපති වකමුල්ලේ උදිත හිමියන් ද අදහස් දැක්වූ හ.

Posted by ජාතික භික්ෂු පෙරමුණ Bhikkhu Lanka on Sunday, September 11, 2016

Facebook
Twitter
LinkedIn