වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍යවරයාට භාර දී ඇති බවත් එය අද (13) අමාත්‍ය මණ්ඩලය රැස්වීමේදී ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
මීට පෙර අවස්ථා කිහිපයකදීම වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කළ නමුත් එල්ල වූ දැඩි ජනතා විරෝධය හමුවේ එය හකුළාගැනීමට ආණ්ඩුවට සිදු විය.
11%ක්ව පවතින වැට් බද්ද 15% දක්වා වැඩිවීම මෙම සංශෝදනයෙන්ද වෙනස් වී නැති බව වාර්තා වේ.
අද දිනයේ කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.
Views: 0









