අරියධම්ම හිමිගේ ආදාහන පූජෝත්සවය අදයි

Image result for ariyadhamma theroඅපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ අනුශාසක අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අද(12) පස්වරුවේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

අපවත් වනවිට උන් වහන්සේ 79වන වියේ පසුවු උන් වහන්සේ පසුගිය බදාදා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක අපවත් වී තිබේ.

අරියධම්ම ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය මහජන ගෞරවය සඳහා අද  දහවල් 12 දක්වා ශ්‍රී කල්‍යාණ ධර්මාශ්‍රමයේ තැන්පත් කර තිබූ අතර පස්වරු 01.00 රිය පෙරහැරකින් කථානායක නිල නිවස දක්වා ගමන් ගෙන ඇත.

ඉන් අනතුරුව එතැන් සිට පා ගමනින් ශ්‍රී දේහය පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය දක්වා රැගෙන යාමට සැලසුම් කර තිබේ. 

අනතුරුව පස්වරු 03.00ට ආදාහන පූජෝත්සවයේ ආගමික වතාවත් ආරම්භ කිරීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn