හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාව ආරක්ෂා කිරීම තමන්ට ප්‍රශ්නයක් නොවන බවත් ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තමන් හොයා බලන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයේ යෙදීමද තමන්ට ප්‍රශ්නයක් නොවන බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.
රාජපක්ෂ පාලන සමයේ සිදු කළ වංචා හා දූෂණ සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලින් බොහෝමයක් රාජපක්ෂ පවුලට එල්ල වූ අතර සිදු කරණ බොහෝමයක් විමර්ශනවලදී මහින්ද රාජපක්ෂ හා ශිරන්ති රාජපක්ෂ මගහරිමින් නීතිය ක්‍රියාත්මක වන ආකාරයක්ද මේ වනවිට දක්නට ලැබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව හා ශිරන්ති රාජපක්ෂ මහත්මියව අත්අඩංගුවට නොගෙන සිටීමට ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා එකඟතාවයකට පැමිණ ඇති බවද පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළ විය.
අපි මහින්ද ආරක්ෂා කරනවා… ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි…
අපි මහින්ද ආරක්ෂා කරනවා… ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි…
Posted by Lanka Truth on Tuesday, September 6, 2016









