ඇවන්ගාඩ් මුදලාලිට, රක්නා ලංකා ලොක්කාට ඇප

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අද (06) පස්වරුවේ අත්අඩංගුවට ගත් ඇවන්ට් ගාඩ් සමාගමේ අධ්‍යක්ෂ නිශ්ශංක සේනාධිපති සහ රක්නා ලංකා ප්‍රධානියෙකු ලෙස කටයුතු කළ හිටපු මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කර තිබේ. 

සැකකරුවන් රුපියල් දෙලක්ෂ පනස් දහසක (රු. 250,000) ශරීර ඇප හා රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මෙසේ ඔවුන් මුදාහැර ඇත.

ආශ්‍රිත පුවත් 

ඇවන්ගාඩ් මුදලාලි ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

Facebook
Twitter
LinkedIn